තලුන්න මහා විද්‍යාලයීය බක් මහ උළෙල 2022.04.07 වන දිනට යෙදී තිබුණ ද හදිසි පාසල් නිවාඩුව හේතුවෙන් එදිනට සිදු කළ නොහැකි විය.
පසුුව එම උත්සවය 2022.04.22 දින සංවිධානය කළ පරිදි සිදු කරන ලදී.
මෙහි දී ප්‍රාථමික හා ද්විතියික යන අංශ දෙක සඳහා වෙන වෙනම තරඟ ඉසව් සංවිධානය කර තිබුණි. ළමුන් මෙන්ම ගුරුවරුන් සඳහා ද තරඟ ඉසව් කිහිපයක් සංවිධානය කර තිබුණි.ළමුන් තුළ පවතින ආතතිය මඳකට හෝ දුරු කර විනෝදාස්වාදයක් ලබා දීම මෙහි මූලික අරමුණ විය.



