![]() |
![]() |
![]() |
දිනෙන් දින සිසුන් වැඩිවෙත්දී නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය දැනුණු අතර ප්‍රදේශයේ දානපතියෙකු වූ D.S.G.ගැමුණු මහතා ධන පරිත්‍යාගයෙන්
නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට යෙදුණි. ඒ සදහා ගම්වැසියන්ද ශ්‍රමයෙන් දායක විය. එසේම සිසුන්ට වන්දනාමාන කිරීම සදහා 1960ජනවාරි 15 දින විහාර මන්දිරයක්ද ඉදිකරවා ඇත.වර්ෂ 1940 ජනවාරි 25 වැනි දින මුල්ගම ගම්මානයේ පැරණි ගොඩනැගිල්ලේ ආරම්භ වූ පාසලේ මුල් ගුරුතුමන් වූයේ A.H.පියදාස මහතාය. එතුමන් සමග A.G.පද්මා මැතිනිය ද සිසු දරුවන් වෙනුවෙන් ඉගැන්වීම් කටයුතු සදහා එක්වී ඇත. ප්‍ර දේශයට පාසලක අවශ්‍යතාවය තේරුම්ගත් ගම්වැසියන් ගේ ආරාධනයෙන් ගම්මුලාදෑනී ඩබ්ලිව්. ඒ. විජේසිංහ මහතාගේ ප්‍රධානීත්වයෙන් පාසලේ වැඩකටයුතු ආරම්භ කිරීමට යෙදනි.

