නියෝජ්‍ය විදුහල්පතිතුමියගේ පණිවිඩය
හ/තලුන්න මහා විද්‍යාලය

නවීන තාක්ෂණය සහිත ඉගෙනුම් පරිසරයක් තුළ සැබෑ නිර්මාණශීලී හපනුන් ලොවට දායාද කිරීම අපගේ අරමුණයි. විෂය සමගාමී හා විෂය බාහිර ක්‍රියාකාරකම් වල සැබෑ ජයග්‍රහණ ලොවට හෙළි කරමින්,විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයට තවමත් ප්‍රමුඛස්ථානය දෙමින් අප පාසල තාක්ෂණික ලෝකයේ ඉදිරියෙන්ම තබන්නට පාසලේ විදුහල්පතිතුමා ඇතුළු ඇඳුරු මඩුල්ල මනා කැපවීමකින් යුතුව කටයුතු කරයි.ඒ අරමුණ ඔස්සේ යමින් සමාජයට වැඩදායී වූත් ආදරණීය වූත් සිසු කැළක් සමාජයට බිහි කිරීමට අප පාසලට හැකි වෙිවා යන්න අප කාගේත් පැතුමයි!
ඩබ්.කේ.එන්.කුමාරි
නියෝජ්‍ය විදුහල්පති,
තලුන්න මහා විද්‍යාලය